KGK Online School සහ KGK e පුස්තකාලය
වත්මන් අධ්‍යාපන කේෂත්රය තුළ නව තාක්ෂණය යටතේ අන්තර්ජාලය සඳහා විශේෂ වැදගත්කමක් හිමිවි ඇත. නමුත් මෙම ක්‍රමවේදයන් තුල තම දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අත්වැලක් විමේදි දෙමාපියන් ට වැඩිවේලාවක් ගතකර අන්තර්ජාලය තුල සැරිසරමින් තොරතුරු සෙවිමේ දී මහත් අපහසුතාවයන් ඇතිවිම ස්වාභාවිකවේ.
එම අඩුපාඩුව වෙනුවෙන් සහයවිමේ අරමුණින් මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කර ඇත. මෙම අඩවියට පිවිසෙන ඔබට ඔබේ දරුවා වෙනුවෙන් ඔබ සොයන තොරතුරු ලබාගතහැකි වෙනත් අඩවි පිළිබඳවද තොරතුරු සපයමින් ඔබේ කාලය ඉතිරිකර අවශ්‍ය දැනුම ලබාදීමේ මූලික අරමුණ කරගනිමින් ඉදිරියේ දි මෙම අඩවිය නිර්මාණය කිරීම සහ යාවත් කාලින කිරීම සිදුකරන බවද ඔබ වෙත වැඩිදුරටත් සඳහන් කරමි.
දැනට මෙම අඩවිය නිර්මාණය වෙමින් පවතින අතර මෙම අඩවිය පාසැල් ශ්‍රේණි පදනම් කර ගනිමින් අවශ්‍ය පෙළ පොත්, විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශන පොත් සහ විෂය හා විෂය නිර්දේශ පදනම් කරගනිමින් එම පාඩම් මාලාවන් සඳහා අවශ්‍යකරන විවිධ විස්තරාත්මක සටහන්, තොරතුරු ඇතුලත් වෙබ් අඩවි, වීඩියෝපට, අවශ්‍ය ඡායාරූප ආදිය ඇතුලත්ව සිසුන්ට හෝ සිසුන් වෙනුවෙන් අන්තර්ජාලයේ අධ්‍යාපන තොරතුරු සොයමින් සැරිසරන දෙමාපියන්ට නිසි ඉලක්කය වෙත යැමට හැකිවන පරිදි නිර්මාණය කරනු ලබන අඩවියක් බව නැවතත් මතක් කරමි.
ඊට අමතරම වෙනත් අධ්‍යාපනික වටිනාකම් ඇති දෙස් විදෙස් වෙබ් අඩවි පිළිබඳව ද තොරතුරු ඔබවෙත ගෙන එනු ලබන අතර විෂය සමගාමී මෙන්ම බාහිර ක්‍රියාකාරකම් උදෙසා අත්‍යවශ්‍ය වන්නාවූ පාඩම් සහ වෙනත් අධ්‍යාපනික ද්‍රව්‍ය ඇතුලත්ව මෙම අඩවිය නිර්මාණය කරනු ලබන අතර ශිෂ්‍ය ප්‍රජාවගේ මෙන්ම විවිධ අධ්‍යාපන ධාරාවන් යටතේ තම ජීවිත අභිවෘද්යධිය සොයා අන්තර්ජාලයේ සැරිසරන ඔබට එම අවශ්‍යතා ලඟාකර ගැනීමේ උදව්කරුවෙකුගේ කාර්ය ඉටුකිරීමට අපගේ අභිමථාර්තය බව වැඩිදුරටත් සඳහන් කරමි.
ඔබගේ දැනුම බෙදාගැනිමට, නිර්මාණ ලෝකය හමුවට ගෙන ඒමට, ඔබට අවශ්‍ය පොත්පත් සහම අධ්‍යාපනයට සම්බන්ධ උපකරණ හෝ ද්‍රව්‍ය මිලදිගැනීමට ද පමණක් නොව ඔබ සතු අධ්‍යාපනය හෝ වෙනත් නිර්මාණ සඳහා වෙළඳපලක් ලබා ගැනිම පිණිස ද අප අඩවිය නුදුරු අනාගතයේ දී භාවිතා කිරීමට ඔබට හැකිවනු ඇති බවද මතක් කර සිටිමි.
දැනට නිර්මාණය වෙමින් පවතින අන්තර්ජාල KGK e පුස්තකාලය නම් වු එම වෙබ් අඩවියේ ආසන්නතම අනුරුවක් ලෙස මෙය ඔබගේ දැනගැනිම සහ අවබෝධය පිණිස ඉදිරිපත් කරමි.
ඉදිරි මාසය තුලදි මෙම වෙබ් අඩවිය විශ්වය වෙත මුදාහැරිම සිදුකරිමට අපේක්ෂා කර සිටින බවද වැඩිදුරටත් මතක් කරමි.
කේ. ගාමිණි කිත්සිරි පෙරේරා
KGK Online School
වට්ස්ඇප් අංකය 0711669927
ඇමතුම් 0777323164
සැ:යු:
ඔබට බැලිමට අවශ්‍ය විස්තරයට ආසන්න ශීර්ෂය තෝරා ඒමත ක්ලික් කරන්න එවිට පහසුවෙන් ම ඔබගේ යොමුව වෙත ගෙනයනු ඇත.(දැනට තොරතුරු ඇතුලත් කර ඇති ශීර්ෂයන් කීපයකි.)
0 Comments