අනගාරික ධර්මපාලතුමා
දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ (උපත: 1864 සැප්තැම්බර් 17 - විපත: 1933 අප්‍රේල් 29) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකි. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය. පියා, එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ ය. ඔහු මාතර, හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව, අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන ගේ දියණිය වූ, මල්ලිකා හේවාවිතාරණ (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන) ය.ඔහු ගේ සහෝදරයෝ වූ, එඩ්මන් හේවාවිතාරණ, සයිමන් හේවාවිතාරණ හා සී. ඒ. හේවාවිතාරණ ද බ්‍රිතාන්‍ය ලංකාවේ කැපී පෙණුනු චරිතයෝ වූහ.
1872 - 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 - 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 - 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 - 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබී ය.[2] මෙම පාසල් වලින් ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය.
පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය.
එස්. මහින්ද හිමි
තරුණ වියෙහි ලංකාවට (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) පැමිණි මහින්ද හිමි බෞද්ධ භික්ෂුවක් ලෙසින් පැවිදි බව ලැබීය. සිංහල භාෂාව ඉගෙනගත් උන්වහන්සේ, කවියෙකු වී, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන මෙන් ලාංකිකයන් පොළඹවමින්, ස්වදේශාලය ඔවුන් සිත් වල කාවද්දමින් සාහිත්‍ය කෘතීන් කිහිපයක් බිහි කලේය. උන්වහන්සේ වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් ලෙසින් සැලකෙයි.
වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි
වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා
වාරියපොල ශ්‍රී සුමංගල හිමි
වීර මොණරවිල කැප්පෙටිපොළ
බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොළ හෝ සරලව වීර මොණරවිල කැප්පෙටිපොළ ලෙස ප්‍රසිද්ධව හඳුන්වන මොහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සහ පසුව බ්‍රිතාන්‍ය පරිපාලනය යටතේ මහ දිසාව තනතුර දැරූවෙකි. මොහු 1818 ඌව නිදහස් අරගලය මැඩපැවැත්වීමට බ්‍රිතාන්‍යයන් විසින් යවනු ලැබීමෙන් පසු බ්‍රිතාන්‍ය පිළ හැරදා අරගලකරුවන් හා එකතු වූ අතර එහි ප්‍රධාන පෙළේ නායකයෙකු බවටද පත්විය.
බ්‍රිතාන්‍යයන් විසින් අරගලය පරාජය කළ අතර කැප්පෙටිපොළ දිසාව ඇතුළු අනෙක් අරගල නායකයන් රැසක් අත් අඩංගුවට ගෙන රාජද්‍රෝහී වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර මරණ දණ්ඩනය පනවන ලදී. වර්ෂ 1818 නොවැම්බර් මස 26 වැනි දින කන්ද උඩරට බෝගම්බර දී රාජද්‍රෝහියකු වශයෙන් හංවඩු ගසන ලද කැප්පෙටිපොළ රාජපක්‌ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක නොහොත් කැප්පෙටිපොළ මහ නිලමේ ජාතිය වෙනුවෙන් දිවි පිදූහ. මොනරවිල කැප්පෙටිපොළ දිසාව සිය මරණ දඬුවම ක්‍රියාත්මක අවස්ථාවේ පෑ අසාමාන්‍ය ධෛර්යය නිසා වඩාත් ප්‍රසිද්ධ වී ඇති අතර එතුමා සිංහලේ රාජ්‍යයේ වීරයෙකු ලෙස සැලකේ. මෙතුමාගේ අවසන් ඉල්ලීම වූයේ තම ගෙල එක කඩු පහරින් ගසා දමන ලෙසයි .කැප්පෙටිපොල නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය වන අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලය වීර කැප්පෙටිපොල මධ්‍ය විද්‍යාලය නමින් නම්කර ඇති අතර එය කැප්පෙටිපොල උපන් ගම් ප්‍රදේශය වන මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොටිඨාසයේ මොනරවිල ග්‍රාමයට ආසන්නයේ පිහිටා ඇත.
ඩී.එස්. සේනානායක මැතිතුමා
පොන්නම්බලම් අරුණාචලම් මැතිතුමා
පොන්නම්බලම් රාමනාදන් (1851 අප්‍රේල් 16 - 1930 නොවැම්බර් 30) යනු ශ්‍රී ලංකාවේ හිටපු දෙමළ දේශපාලඥවරයෙකි
. රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු හෙතෙම 1873 – 1886 වන තෙක් නීතිවේදියෙකු ලෙස කටයුතු කළේය. පොන්නම්බලම් රාමනාදන් 1879 සිට 1892 කාලය තුළ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනයා නියොජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවේ නිලනොවන සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 1892 වර්ෂයේ ශ්‍රි ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ අතර 1906 තෙක් එම තනතුර හෙබවිය. 1897 වික්ටෝරියා රැජිනගේ 50 වන සංවත්සරය සඳහා ශ්‍රී ලංකික නියෝජිතයා ලෙස රජය විසින් එංගලන්තයට යවනු ලැබුවේ පොන්නම්බලම් රාමනාදන්වය. එම උත්සවයේදී ඔහුට බ්‍රිතාන්‍ය රාජධානියේ පරිපූර්ණම දේශකයා වශයෙන් රැජිනගෙන් රන් සම්මානයක් හිමිවිය. 1911 වර්ෂයේදී ඔහු වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක මණ්ඩලයට තේරී පත්වුණි. ඔහු උඩුවිල් රාමනාදන් ගැහැණු පාසල හා යාපනයේ පරමේෂ්වරම් විද්‍යාලය ආරම්භ කරන ලද්දේද ඔහු විසිනි. 1917.12.04 දිනැති පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට අනුව නාච්චිදූවේ සිංහල පවුල් 50 ක් පදිංචි කිරීමට එරෙහිව එතුමා විරුද්ධ වුණි.
පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා
හෙන්රි පේද්‍රිස් මැතිතුමා
සිද්ධි ලෙබ්බේ මහතා
1838 ජුනි 11 දින මහනුවර දිස්ත්‍රික්කයේ දී උපත ලැබූ මුහම්මද් කාසිම් සිද්ධි ලෙබ්බේ මහතා කීර්තිමත් නීතිඥවරයෙක්, අධ්‍යාපනඥයෙක්, විද්වතෙක්, සමාජ සේවකයෙක් මෙන් ම මුස්ලිම් ප්‍රජා නායකයෙක්ද විය. ඔහු ශ්‍රී ලංකාවේ පළමු මුස්ලිම් ජාතික නීතිඥවරයාද විය.
සිද්ධි ලෙබ්බේතුමන්ගේ මුතුන් මිත්තන් තමිල්නාඩුවේ පදිංචි වී සිට පසු ව මහනුවර දිස්ත්‍රික්කයට සංක්‍රමණය වූ අරාබි ජාතිකයන් විය. ඔහුගේ පියා වූ මුහම්මද් සිද්ධි ලෙබ්බේද ශ්‍රී ලංකාවේ මුල් ම නීතිඥවරුන්ගෙන් (proctor) අයෙක් විය.
ආරුමුග නාවලර්
ආරුමුග නාවලර්තුමන් (1822 දෙසැම්බර් 18 -1879 දෙසැම්බර් 5) දේශීය දමිළ හින්දු සම්ප්‍රදායන් නගාසිටුවීමට මුල් වූ ශ්‍රී ලාංකික දමිළ ශෛවනිකායික හින්දු විද්වතෙක් සහ ආගමික ප්‍රතිසංස්කාරකයෙක් ද විය. යුරෝපා ජනවර්ග කිහිපයක් යටතේ ම සියවස් 4කට ආසන්න කාලයක් තිස්සේ සිදු වූ ආගමික සහ සංස්කෘතික පරිහානියෙන් දේශීය හින්දු සංස්කෘතිය රැකගැනීමට එතුමන් කටයුතු කළේ ය. කිංග් ජේම්ස් බයිබලය දමිළ බසට පරිවර්තනය කිරීමට ක්‍රිස්තියානි මිෂනරි පාසල් සිසුවකු වශයෙන් සිටිය දී දායක වූ නමුත් ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියාවේ විශාල වශයෙන් සිදු වූ ක්‍රිස්තියානිකරණය වැළැක්වීමට ඔහුගේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ඉමහත් බලපෑමක් ඇති කළේ ය.
සිය ආගමික පුනර්ජීවන ව්‍යාපාරය තුළ බටහිර ශිල්ප ක්‍රම හදුන්වා දෙමින් නූතන දමිල ලේඛන කලාවට ද මග පෑදූ හෙතෙම ක්‍රිස්තියානි මිෂනාරි පාසල්වලට එරෙහි ව නූතන විෂයන් ද ඉගැන්වුණු හින්දු විද්‍යාල ආරම්භ කිරීමට ද මුල් විය. හින්දු ධර්මයේ ඉපැරණි ම ශාඛාව වූ ශෛවවාදය රැකගැනීමට ඉදිරිපත් වූ හෙතෙම දමිල පොතපත සහ හින්දු ආගමික ග්‍රන්ථ ප්‍රකාශනය සදහා මුද්‍රණාලයක් ද අරඹන ලදී.
හින්දු ශෛවවාදය වෙනුවෙන් පරවාද ඛණ්ඩනය කරමින් කෘති රැසක් රචනා කළ හෙතෙම ඉපැරණි පුස්කොළ පිටපත් මුද්‍රණය කර පළකිරීමට ද කටයුතු කළේ ය.
විර පුරන් අප්පු
ගොංගාලේගොඩ බණ්ඩා
වන්සපුර්ණ දේවගේ ඩේවිඩ් ( පෑලියගොඩ ඩේවිඩ් ) හෙවත් ගොංගාලේගොඩ බණ්ඩා ( 1809 මාර්තු 13 සිට 1849 දෙසැම්බර් 01 ) යනු ජාතික වීරවරයෙක් වන අතර 1848 මාතලේ කැරැල්ල සඳහා නායකත්වය දුන් අතර සිංහලේ සිහසුන වෙනුවෙන් ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් රජවිය. මෙම රජ තනතුර නිල රජ තනතුරක් ලෙස පිලිගැනීමක් සිදු නොවුනි.
1848 කැරැල්ලේ දී සිංහලේ රජ ලෙස තෝරාපත්කරගත් තැනැත්තා.
සූර සරදියෙල්
· ඔබට අවශ්‍ය බ්ලොග් ලිපි රචනා කරගැනිමට අවශ්‍යද?
· නිබන්ධන, රචනා වැනි නිර්මාණ සඳහා විෂය තොරතුරු සපයා ගැනීමට අවශ්‍යද?
· මේ සඳහා සහය සපයන්නන් ගැන විමසිල්ලෙන් සිටිනවාද ?
· දරුවන්ගේ පාසල් අධ්‍යාපනික වැඩ සඳහා තොරතුරු සපයා ගැනිමට බලාපොරොත්තු වෙනවාද?
Ø ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයේ දැනුවත්ව සිටීමේ සහ නිරත වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. ඔබ ශිෂ්‍යයෙක්, පර්යේෂකයෙක් හෝ ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙක් විය හැකියි. අපගේ සේවාව සැලසුම් කර ඇත්තේ ඔබගේ අවශ්‍යතාව අනුවය.
Ø ඔබට අපේක්ෂා කළ හැකි දේ මේවාද ?
1 විෂය තොරතුරු:
ඔබ විෂය-විශේෂිත තොරතුරු සොයන්නේ නම්, ඒ සඳහා අවස්ථාව ඔබට අප සමග එක්වීමෙන් උදා කරගැනිමට හැකිවේ.
2 රචනා:
විවිධ මාතෘකා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන රචනා වෙත පිවිසෙන්න.
3 නිබන්ධන:
ඔබ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වේනම්, අපගේ නිබන්ධන ඔබට ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ඇඩ් සෙන්ස් ඉපයිම් සඳහා බ්ලොග් හෝ වෙබ් අඩවියක් නිර්මාණයට අවශ්‍ය අධ්‍යාපනික හා විෂය වටිනාකමින් යුතු ලිපි රචනා කරදිම අප විසින් කරදෙනු ලැබේ.
4 බ්ලොග් ලිපි:
පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ තොරතුරු සහ සිත් ඇදගන්නා බ්ලොග් ලිපි සකස් කරයි.
v ඔබගේ අධ්‍යාපනික ගමනේ / අන්තර්ජාල පරාදීසයේ කොටස්කරුවෙකු වීමට සහ දැනුම සඳහා වන ඔබගේ ගවේෂණයට සහය වීමට අපි බලාපොරොත්තු වෙමු.
වැඩි විස්තර සඳහා වට්ස්ඇප් 07 11 66 99 27 අංකය ඔස්සේ පණිවිඩයක් ලෙස වට්ස්ඇප් මගින් හෝ kgkebook@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ඔබේ අවශ්‍යතාවය පිළිබඳ විස්තරයක් පණිවිඩයක් ලෙස එක් කර අප හා සම්බන්ධ වන්න.
කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා සහන ගාස්තු සේවා අංශය
0 Comments